රයන් ජයලත් ශිෂ්‍යයාගේ ප්රශ්නය ඉදිරියට දමා වෛද්‍ය වැඩ වර්ජන කිරීමට යාම දේශපාලන කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.
එම ශිෂ්‍යයාට එරෙහිව අධිකරණ කටයුතු රාශියක් ඇති බවට පොලීසිය සඳහන් කරතිබියදීත්, එම ශිෂ්‍යයාගේ ප්රශ්නය ඉදිරියට දමා වෛද්‍ය සංගමය වැඩවර්ජන ක්‍රියා සිදුකිරීමට යන බවද ඔහු පවසා සිටියේය.
වර්තමාන ආණ්ඩුව කිසිවිටෙකත් මර්දනය කිරීමට නොයන බවද අද (24දා) සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.