නොසැළකිලිමත් රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, ව්‍යාජ අංක සහිත වාහනයක් ධාවනය කිරීම යන වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රඹුක්වැල්ලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 29000ක දඩ නියම කළේය.
පසුගියදා කොළඹ නිදහස් මාවතේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් රමිත අත්අඩංගුවට පත්විය. බිමතින් රිය පැදවීම හා ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් ධාවනය කිරිම යන චෝදනා රමිත විසින් ප්‍රතික්ෂේප කළේය.