1998 - 99 වකවානුවේදී තමන් රනිල්ට බෑ කියා පෝස්ටර් ගැහුවේ රනිල්ට ඇත්තටම පුළුවන් බව දුටු නිසා බවත්, 2020දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පසුගියදා පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&අසූව දශකයේ අගභාගයේදී සිරිමාවෝ මැතිනියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙනගිය වැඩපිළිවෙළ මට මතකයි. එදා මැතිනිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි. හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යෑමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕන කියන වැඩි දෙනා පොහොට්ටුකාරයෝයි.
ඒ වගේම, 1998 - 99 වකවානුවේදී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලයේ, මමයි රනිල්ට බෑ කියා ගමක් ගමක් ගානෙ පෝස්ටර් ගැහුවේ. ඒ මොකද, රනිල්ට ඇත්තටම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එතුමා කියල අපි දැක්කා. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්නම් ඇයි අපි බෑ කිය කියා පෝස්ටර් ගහන්නේ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි, මීළඟ ජනාධිපතිවරණයේදී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මා කියන්න කැමතියි.
ගැලරිය පිනවන්නේ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමති වෙලා හිටියා නම් ගැලරියේ අත්පොලසන් වෙනුවෙන් මේ තරම් සහන ලබාදෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැය වෙන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්.
පසුගිය දවසේ අපි දැක්කා වැලිගම ප්‍රදේශයේ පාලම් විවෘත කරන්න ගිය අවස්ථාවේ ඇමති පිරිසකට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් විරෝධය පළ කළා. ඔවුන් කිවුවේ, ඒ ආණ්ඩුවෙන් කරපු වැඩ මේ ආණ්ඩුවෙන් විවෘත කරනවා කියලයි. අද ඔය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්න පුද්ගලයා කරපු දේවල් මම මතක් කරන්න කැමතියි. මාතර අපට ඒවා අමතක නෑ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගත්තේ 1997දීයි. මුල්ගල තිබ්බේ මමයි, ෆවුසි ඇමතිතුමයි. ඉඩම් පවරා ගනිද්දි විදේශගතව සිටි ඉඩම් හිමියෙක් අපට නඩුවක් දැම්මා. ඒ නඩුව කාලයක් දිග්ගැස්සුණා. පසුව2001දී එක්සත් ජාතික පක්ෂය බලයට ආවමත් අපි අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සෙ ඇවිත් පාර හදල අපි හිටවපු මුල්ගල නිල්වලා ගඟට විසි කරල තමයි එයාගෙ නම ගහගත්තෙ.
මේ මාතර මහානාම පාලමත් එහෙමයි. 2005දී තමයි මම දකුණු කොරියාවට ගිහින් ඊට ආධාර ගත්තෙ. පස්සෙ පාලම හදල විවෘත කරන්න එයා ලොකු උත්සවයක් තියලා, අර මර්වින් සිල්වා ඇමතිතුමාව ගෙන්නලා මගෙ මවුපියන් මතක් කළා* යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ පළාත් පාලන නියෝජිතයන්ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.