ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය අවස්ථාවේ ගත කළ දින කිහිපය තුළදී දෙමළ ඩයස්පෝරාවේ කී දෙනෙක් මුණගැසුණේදැයි රටට හෙළි කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අභියෝගයක් කළේය.
ඩයස්පෝරාව මුණගැසුණු බවට තමාට එල්ල කළ චෝදනා අසත්‍ය ඒවා බවට මේ වනවිට ඔප්පු වී තිබෙන බැවින්, සත්‍ය වශයෙන්ම ඩයස්පෝරාව සමග ගනුදෙනු කරන්නේ කවුරුන්දැයි මහජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙන බව වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
2005 ජනාධිපතිවරණය ජය ගැනීමට දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදීද ඒ ආකාරයටම කටයුතු කරමින් සිටින බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.