පල්ලම විල්පත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහුගේ කර බැඳි රන් මාලය කඩාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලම පොලීසියට භාර වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප හා රුපියල් 5000 ක මුදල් ඇප නියම කරමින් ඇප මත මුදාහැරීමට පුත්තලම දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05දා) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහැරුණේ අප්පුහාමි හිටිහාමිලාගේ උදය ශාන්ත නැමති ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මන්ත්‍රීවරයා පසුගිය 04 වැනිදා රාත්‍රියේ විල්පත පදිංචි ව්‍යාපාරිකයෙකු වන අධිකාරි මුදියන්සේලාගේ රංබංඩා නැමති අයකුට පහර දී තිබුණි. එම ව්‍යාපාරිකයා නිදහස් දින ජාතික ධජය ඔසවා නොතිබීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමේ සිද්ධියක් ඊට හේතු වූ බව පැවසේ.