රිදී ආලේප කළ රත්රන් බෝල 10 ක් තම ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. අත්අඩංගුවට ගත් රන්බෝලවල වටිනාකම රුපියල් 1,275,000 ක් බවත්, එහි බර ග්‍රෑම් 275 ක් බවත් රේගුව කියයි.