එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධාකධුරය දරූ රන්ජන් රාමනායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකරුවන් 34 දෙනෙකු ඊයේ (30දා) පත්වීම් ලබාදුන් අතර එහිදී රන්ජන්ට ධුරය අහිමී වී තිබේ. නව දිවුලපිටිය ආසන සංවිධායක ලෙස කිත්සිරි මංචනායක මහතා පත්කොට තිබේ. පසුගිය කාලයේදී ඇතැම් අවස්ථාවලදී රන්ජන් රාමනායක මහතා ආණ්ඩුව විවේචනය කරමින් කතා කළේය.