සේයා සඳමිණි දැරිය ඝාතනය කළ අපරාධකරුට හා ළමා අපරාධ කරන්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද (17දා) මාදිවෙල සිය නිල නිවසේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය මේ සම්බන්ධයෙන් නිසි අයුරින් මැදිහත්වීමක් නොකළ බවත්, සිද්ධිය සිදු වූ තැනට හෝ නොගොස් කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීමෙන් පලක් නොවන බවත් ඔහු කීය.
“ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය අම්මා කෙනෙක්ද කියලා මං අහනවා. අද මානව හිමිකම් නිහඬයි, කුඩු ගහපු පුද්ගලයෙක් ළමයෙක් දූෂණය කොට අධික ලේ වහනය වන විදියට දැරියක් මරල දැම්මම කොළඹ හතේ නෝනලා කියනවා අවම 10 යි උපරිම 20 යි කියලා.
ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට දරු කැක්කුමක් නැතිවුණාට අපි ළමයින්ට ආදරෙයි. නීතිඥ මහත්තුරු තමයි චූදිතයා මරනවට අකමැති. චූදිතයා මිල අධිකයි, නීතිඥවරුන්ගේ ගාන කැපිල්ල තමයි අඩුවෙන්නෙ. ඔය සභාපතිනිය කවදද ඔය සිදුවීම සිදුවුණු තැනට ගියේ. කොළඹට වෙලා ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නෑ" යනුවෙන්ද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූපය ක්‍රිෂාන් රණසිංහ