සමාජ සවිබල ගැන්වීම, සමාජ ශුභ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (24දා) පැමිණියේය. ඒ ඔහු උසාවියට අපහාස කළ බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් දෙකකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය යොමුකළ සිතාසි අනුවය. අගෝස්තු 21 දා ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා ඇත.