ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්රවාහනය කිරීමට උත්සාහ කළ රත්රන් කිලෝග්රෑම් 5 ක පමණ ප්රමාණයක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (6දා) සවස නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරමට බටහිර දෙසින් වූ මුහුදේ දී අත්අඩංගුවට පත් මොවුන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්රාවක් මගින් ඒවා ප්රවාහනය කරමින් තිබූණ බවත් සැකකරුවන් මන්නාරම සහ සිලාවතුර පදිංචිකරුවන් බවත් නාවික හමුදාව පවසයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිත බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයෙ වෙයි.