රන් ගාංචු 6 ක් සවිකළ මතුපිටින් රිදී ආලේප කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ මඩකලපුවේ පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.රන් ගාංචු වල බර ග්‍රෑම් 458 ක් වන අතර එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ අසුපන්දහසකි.