රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීම වහාම ඉවත් කර නොගත හොත් ලබන සතියේ අඛණ්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. අද(11) දිනයේ මුදල් අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් සිදු කරන බවද හෙතෙම කීය.