රතුපස්වල පානිය ජල ගැටලුව කඩිනම්ව නොවිසදෙන බවත් පළාතේ පොලිස් නිලධාරීන් මහජනතාව බියවද්දමින් කටයුතු කරන බවත් පවසමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද (22දා) උදෑසන ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.
ජලය ලබාදීම ජලසම්පාදන මණ්ඩලයෙන් සිදුවන නමුත් එය ඉතාම අක්‍රමවත් බවත් කොතරම් නිලධාරීන්ට ඒ බව දැන්වුවද ඔවුන් තමන්වත් ජනතාවත් නොමග යවන බවත් උන්වහන්සේ මාධ්‍යයට පැවැසූහ.