රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී යුධ හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුධ හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන මහත්වරුන්ට ඇප නියම කිරීමට අද (31දා) ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
ඒ අනුව යුධ හමුදා බ්‍රිගේඩියර්වරයාට රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැඟින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර, යුධ හමුදා සැරයන්වරයාට රුපියල් පනස්දහසක ඇපයක් සහ රුපියල් මිලියන 2ක බැඟින් වූ ශරීර ඇප දෙකක්ද නියම කරන ලදී.
මීට අමතරව විදේශ ගමන් තහනමක් ද, මෙරට දී පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස සහ සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00 සිට පස්වරු 05.00 කාලය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙසද නියම කෙරිණි.