රතු වරෙන්තුව නිසා නෙදියවන් සැඟවෙයි
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මරණින් පසු ශ්‍රී ලංකාව තුළ යළිත් සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමට සැලසුම් කළ ප්‍රධාන සාමාජිකයා වූ නෙදියවන් නොහොත් පෙරින්බනායගම් ශිවබරන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තුව නිකුත් කිරීමත් සමගම නෝර්වේහි ඔහු පදිංචිව සිටි ස්ථානවලින් අතුරුදන්ව ඇති බවට වාර්තාවේ.
නෙදියවන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට නෝර්වේ රාජ්‍යයේ ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත්කර ඇති අතර, ශ්‍රී ලංකා ආරක්ෂක අංශද ඊට අවශ්‍ය සහාය ලබාදෙමින් සිටියි. ජාත්‍යන්තර පොලීසිය විසින් නෙදියවන්ට එරෙහිව රතු වරෙන්තුව නිකුත් කිරීමෙන් පසු කළ මූලික සොයා බැලීම්වලදී නෙදියවන් නෝර්වේහි නිතර ගැවසුන ස්ථාන ලෙස හඳුනාගෙන තිබූ ස්ථාන කිහිපයක් පිළිබඳව කළ මූලික විමර්ශනයකදී ඔහු එම ස්ථානවලින් ඉවත්ව ඇති බව තහවුරු වී ඇතැයි නෝර්වේ නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් නෙදියවන්ට නිකුත්කර තිබෙන රතු වරෙන්තුව පිළිබඳව නෝර්වේ රාජ්‍යයේ පිහිටි සියලුම ආරක්ෂක අංශ,ගුවන් තොටුපොළවල් හා දේශ සීමා පිටවීමේ මධ්‍යස්ථාන දැනුම්වත් කිරීමටද, නෝර්වේ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවද වාර්තා වේ.
නෙදියවන් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පාර්ශ්වයෙන් අත්‍යවශ්‍ය කරුණක් ලෙස ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් මේ වනවිට තහවුරු කොට හඳුනාගෙන ඇති අතර, ඔහුට එරෙහිව ප්‍රමාණවත් ලෙස සාක්ෂි රැස්කිරීමද සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

