ඩෙංගු උණ වැලදුණු බවට නිශ්චය කළ රෝගීහු 52 දෙනෙක් තවමත් රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති.
ඊට අමතරව වෛරස් උණ රෝගීන් 84 දෙනෙකුද රත්නපුර මහා රෝහලේ වාට්ටු හතරක ප්‍රතිකාර ලබන බව රෝහල් අධිකාරී වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර මහතා ඊයේ (22 දා) පැවසීය.
රෝගය පැතිරීම පාලනය වී ඇති හෙයින් ඊයේ (22 දා) වනවිට උණ රෝගීන් රෝහල්ගතවීමේ ප්‍රතිශතය අඩුව තිබූ බවද රෝහල් අධිකාරීවරයා ප්‍රකාශ කර සිටියේය.
ඊයේ දිනයේදීත් රත්නපුර අවට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් ද උණ රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර ලබාගෙන තිබිණ.
රත්නපුර මලිති පෙරේරා