රත්නපුර දිස්ත්‍රික්කයේ ගලතුර ගඟ, කළු ගඟට වැටෙන ස්ථානයේ හැරනියාවක පාලම අසල ගංඟා කොටසේ දිගින් දිගටම සිදුවන අනවසර මැණිග් ගැරිම් වළක්වාලමින්, එම ප්‍රදේශයේ මැණික් ගැරීම් කටයුතු රජයේ ව්‍යාපෘතියක් මගින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, අදාළ ප්‍රදේශයේ මැණික් ගැරීම් කටයුතු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි 2014 ජනවාරි 31 වැනිදාට පෙර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් මගින් ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.
තවද, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් පත් කළ කමිටුවක් මගින් මෙම ප්‍රදේශයේ මැණික් ගැරීම් කටයුතු සමීක්ෂණය කෙරෙන බවද පැවසෙයි. එම කමිටුවට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, අයගම ප්‍රාදේශීය ලේකම්, වාරිමාර්ග ඉංජිනේරු රත්නපුර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රත්නපුර, අයගම ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන සියල්ලෙහි නිලධාරීන්ගෙන් සමන්විත වන බවද අමාත්‍යාංශයද පවසයි.
පසුගිය කාලය තුළ මෙම ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකළ මැණික් ගැරීම් නිසා ගංඟා ඉවුරු ඛාදනය වීම මෙන්ම ගංඟා ආශ්‍රිතව ඉදිකර ඇති පාලම්ද අවදානම් තත්ත්වයකට පත්වීම ඇතුළු පරිසර හානි රැසක් සිදුවන බැවින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.
මෙහිදී පරිසර හිතකාමී අයුරින් යන්ත්රසූත්ර භාවිත නොකර දියයට කිමිදී බාල්දි මගින් ඉල්ලම් ගොඩගැනීම (කම්පෙෂර් සහ බෝට්ටු යොදාගනිමින්) මගින් මැණික් ගැරීම සිදුවන බවද පැවසෙයි.
මෙම පියවර මගින් රජයට විශාල ආදායමක් ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ප්‍රදේශයේ සමෘද්ධිලාභී ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට හා ගමේ දියුණුවට යෙදවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මේ ආකාරයෙන් පරිසරයට හානි කරමින් අනවසරයෙන් මැණික් ගැරීම සිදුවන ස්ථාන සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය පවසයි.