රත්නදීප සහ මිහිකත ඔස්ට්‍රේලියාවෙන් හිමිවේ
ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට නාවික යාත්‍රා 2ක් ප්රදානය කරනු ලැබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එම නාවික යාත්‍රා 2ක අද (09දා) ප්රදානය කරන ලද්දේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ දේශසීමා ආරක්ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් විසිනි.
ශ්‍රී ලංකාව වෙත ප්රදානය කෙරුණු මෙම නාවික යාත්‍රා 2ක නම් කරනු ලැබ තිබෙන්නේ 'රත්නදීප'සහ 'මිහිකත'යනුවෙනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එකතු කෙරෙන මෙම නව යාත්‍රා 2ක භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
දින දෙකක නිල සංචාරයක් අරඹමින් දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු ඇමතිවරයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී පිළි ගන්නා ලද්දේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

