තමන් වහන්සේ පසුගිය කාලසීමාවේදී නිහඬව සිටියේ, ගොවි ජනතාව වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටි නිසා යැයි පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ, අද (04දා) කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
වස විසෙන් තොර ගොවිතැනක් සඳහා මෙරට තුළ මෙන්ම විදේශ රටවලටද ගොස් කරුණු හා තොරතුරු එකතු කළ බවත් ඒ වෙනුවෙන් රටවල් කිහිපයකට යාමට සිදුවූ බවද රතන හිමියෝ සඳහන් කළහ.
වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා රජය සමග එකඟතාවයන් ගණනාවකට එළැඹ ඇතැයිද උන්වහන්සේ පවසා සිටියහ.