පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නායකත්වය දරන 'පිවිතුරු හෙටක් ජාතික සභාව' සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09දා) සවස පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැත්විණි.
අතුරලියේ රතන හිමියන් සමග මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරු එක්ව සිටියහ.
සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ පිවිතුරු හෙටක් ජාතික සභාවේ 'රට ගත යුතු මග' නම් ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම, ගොවි බලශක්ති ක්ෂේත්රවල ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවට සහ මෙම සාකච්ඡාව විවෘතව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් එකඟ වූ බව උන්වහන්සේ සඳහන් කළහ.