පිටකොටුවේ උපවාස කරන රණවිරුවන්ගේ ඉල්ලීම මත සේවා විශ්‍රාම වැටුප සම්බන්ධ ගැටලුවට මැදිහත් වූවා මිසක ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තමන් උත්සාහ නොකළ බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මනිපිල මහතා පැවසීය.
මෙම ගැටලුව රටේ අවධානය යොමුකිරීම සඳහා තමන් ඉදිරිපත් වූ බවද මන්ත්‍රිවරයා පවසා සිටියේය.
පිටකොට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (07දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
“රණවිරුවන්ගේ ප්රශ්නය ආරම්භ වී දවස් තුනක් යනතුරු කිසිම දේශපාලඥයෙක් අපි එම ස්ථානයට යනකම් ගියේ නැහැ. රණවිරුවන් සමග අවුරුදු 20කට වැඩි කාලයක් මගේ සම්බන්ධයක් තියෙනවා. අපි හැමදාම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියා.
2002-2004 සටන් විරාම අත්සන් කළ කාලයෙදීත් අපි හුදෙකලාව රණවිරුවන් වෙනුවෙන් සටන් කළා. ඒක අපේ ජීවිතයේ කොටසක්. ඒක විලාසිතාවක්වත්, දේශපාලනයවත් නෙවෙයි. අපි දේශපාලනයට එන්න කලිනුත් රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටි පිරිසක්.” යැයි පවසා සිටියේය.