රණවිරුවන්ට සිදුකරන අඩන්තේට්ටම් කිරීම නවතා දමන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට සැලසුම් කර තිබෙන අත්සන් දසලක්ෂයේ පෙත්සමට අද (21දා) වනවිට අත්සන් ලක්ෂ 07ක් ලැබී තිබෙන බව රණවිරුවන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
අත්සන් දසලක්ෂය ලබාගත් පසු මහානායක හිමිවරුන්ට අත්සන් ලේඛන ලබාදී මහනායක හිමිවරුන් හරහා මෙම පෙත්සම බාරදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමිපාණෝ අවධාරණය කළහ.