රණවිරු සැමරුම් මාසය ආරම්භ වෙයි
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිවරයාට පැලඳවීමෙන් අනතුරුව ඇරඹි රණවිරු සැමරුම් මාසය ලබන ජුනි 02 වැනිදා තෙක් ක්‍රියාත්මක වෙයි.
මෙම මාසයෙහි රණවිරු සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය සැලසුම් කර ඇත.
2007 වසරේදී මන්නාරමේදී ත්‍රස්තවාදී වෙඩි පහරකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන කොමන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්රල් කේ.පී. නුවන් තරංග මහතාගේ දියණිය වන කේ.පී.සෙනංගා නුවන්ති දියණිය විසින් ජනාධිතිවරයාට ප්‍රථම කොඩිය පැලඳවීමෙන් අනතුරුව රණවිරු ඥාතීන් වෙනුවෙන් ජනාධිපතිතුමා සිදු කරන සේවය උදෙසා ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
.jpg)
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

