රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම් උලෙළේදී සෑම දිස්ත්‍රික්කයකින්ම රණවිරු පවුල් 100 බැගින් පවුල් 2500 ක් කොළඹට ගෙන්වන බවද ඔවුන්ට උත්සව භූමියේ ප්රමුඛ ස්ථානයක් ලබාදෙමින් කටයුතු කරන බවද රණවිරු සේවා අධිකාරියේ උපසභාපති උපුලාංගනී මාලගමුව මහත්මිය පැවසූවාය.
පසුගිය වසර වල රණවිරු සැමරුම් උලෙළට සහභාගි වූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් හට අඩු සැලකිල්ලකට ලක්ව ඇති බව රණවිරු පවුල් සමග සිදු කළ සාකච්ඡාවකදී අනාවරණය වූ බවද මෙවර රණවිරු සැමරුමේදී ඒකිසිවක් සිදුවීමට ඉඩ නොදෙන බවත්, මෙවර ජනාධිපතිවරයා ඔවන්ට ඇමතීමට නියමිත බවත් උපුලාංගනී මහත්මිය පැවසූවාය.
අද (18දා) ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය. ජාතික රණවිරු සැමරුම අනිද්දා (20දා) පස්වරු 4.00 ට ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.