රටේ සෑම කුටුම්භයකටම බැංකු ගිණුමක් හිමි වන වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ දිළිඳු ජනතාව නඟා සිටුවීමේ පියවරක් ලෙස නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
ඉන්දීය ජනගහනයෙන් 40% ක් පමණ එරට මූල්‍ය සේවා වෙත යොමුවීම ඉතා අවම මට්ටමක පවතින අතර, මේ තත්ත්වය තුළ ගිනිපොලීකාරයන්ට කොටුවී ජනතාව තවත් අන්ත අසරණ වන බව පැවසේ.
මේ නිසා, සිය වැඩපිළිවෙළට සහයෝගය දක්වන ලෙස පෞද්ගලික හා රජයේ බැංකුවලින් මෝදි ඉල්ලා තිබේ.
2018 වසර වනවිට කුටුම්භ මිලියන 75ක් වෙත බැංකු ගිණුම් විවෘත කිරීම මෙම සැලසුමෙහි පවතින බවත්, එහිදී, එක් පවුලකට බැංකු ගිණුම් දෙකක් වශයෙන් මෙම වැඩපිළිවෙළ සිදුකෙරෙන බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ දිළිඳු ජනතාව බැංකු වෙත යොමුකෙරෙන මෙම වැඩපිළිවෙළහි විශාලතම අභියෝගය නම්, ඔවුන්ගේ අනන්‍යතාව හා පදිංචිය සනාථ කෙරෙන ලියකියවිලි ලබාගැනීම බවයි.