රටේ ස්වෛරීත්වයට හානි වන කිසිදෙයක් වත්මන් රජය සිදුනොකරව බවත් ඉන්දියාව හා ලංකාව යාකර පාලමක් ඉදිකිරීමක් සම්බන්ධ කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
අද (05) පැවැති ජනහමුවකදී අමාත්‍යවරා මේබව කීය
“ජාත්‍යන්තර සමුළුවක ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් සකස් කිරීම ගැන ඇහුවා. මම ඒ වෙලාවෙදි කියපු එකම දේ තමයි පහුගිය කාලේ ඉහලම මට්ටමේ ආණ්ඩු දෙක අතර මේ ගැන සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක වෙළඳාමට හොඳ දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒක දේශපාලන වශයෙන් ගන්න ඕන තීන්දුවක් කියලා.
කිසිම තැනක අපේ රජය ඒ වගේ පාලමක් නිල වශයෙන් හදනවා කියලා සාකච්ඡාවේ යෙදිලා නැහැ. එහෙම කිවුවෙත් නැහැ. ඒ වගේ අපි කියන්නෙත් නැහැ. මේ පාලම් පුච්චන්න ඕනේ කියලා කියන අයට මම කියන්නේ , මේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙන කිසිදෙයක් කරන්නෙත් නැහැ. මේ කොහෙදෝ නැට්ටක එල්ලිලා , අපි නොකියපු දෙයක් අරගෙන මහා ලොකුවට පුම්බන්න බලන්නේ. අපි අර ඒ කාලේ මෙහේ සිංහලෙන් කතාකරලා ජනතාවට බැන් කී මූන්ට ඉංග්‍රීසියෙන් වෙන එකක් කතාකරන විදිහට අපි කතාකරන්නේ නැහැ”. යැයි අමාත්‍යවරයා පැවසීය