ඡන්දය ප්‍රකාශ කිරීමට තමන් වෙත ලැබී ඇති නීත්‍යනුකූල අවස්ථාව භාවිත කර රටේ යහපාලනය අපේක්ෂා කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ වගකීමක් බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්යක්ෂ, ඇල්දෙණිය ශ්‍රී ගර්භවාස දේවමාතා සිද්ධස්ථානයේ මීසම් පාලක ගරු බෙනඩික්ට් ජෝශප් ප්‍රනාන්දු පියතුමාණෝ 'අද' ට පැවසූහ.
නත්තල උදා වන සමයේදී මැතිවරණය හේතුවෙන් ඇති වෙමින් පවතින ඉවක් බවක් නැති කලබලකාරී වටපිටාව මග හැර යමින් ජනතවාගේ විශ්වාසය දිනාගත් පාලකයකු පත් කර ගැනීමට ජනතාව ඡන්දය භාවිත කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
&මෙම මැතිවරණය සම්බන්ධයෙන් මීට පෙර පැවති මැතිවරණ ගැන තිබුණාට වඩා ජනතාව තුළ ඇත්තේ දැඩි උන්නදුවක්. ඒ අපේක්ෂකයන් දෙදෙනෙකු පිළිබඳව ඇති උනන්දුව නිසයි. රටේ පවතින අභියෝග ජයගැනීමට නම් රටේ යහපාලනය ගැන කල්පනා කරමින් අවංක ලෙස මැතිවරණ දිනයේ තමන්ට නීත්‍යනුකූලව හිමි ඡන්දය දැමීම ජනතාවගේ වගකීමක්.
අපේක්ෂකයාගේ තත්ත්වය, රටක් පාලනය කරගත හැකි දැයි යන්න විමසා ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයකු පත්කර ගැනීම ජනතාවගේ අයිතියක් සේම නත්තල් සමයේදී ජනතාව අතර ඇති වන ඉවක් බවක් නැති කලබලකාරී වටපිටාව මග හැර සංයමයෙන් හැසිරෙමින් එම කාලය නිකැළැල්ව පවත්වාගෙන යාමද ජනතාවගේ වගකීමක් වන්නේ* යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.