ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා
අද වනවිට රට තුළ මූල්‍ය අර්බුදයක් තිබෙන බවත්, එහි පියවරු යහපාලන ආණ්ඩුවම නොවන බවත්, මහ නගර සභා, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ණය සහ පොලීය ගෙවීමට ආණ්ඩුවේ ආදායම් ප්‍රමාණවත් නොවන බැවින් එදිනෙදා දෛනික වියදම් පියවීමට සහ රාජ්‍ය ආයෝජනයන් සිදුකිරීම සඳහා ණය ලබාගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් රචිත 'ප්‍රවේශමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙනි' නම් නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවය අද (20දා) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති අවස්ථාවේදීය.මෙම උත්සවයේ තිබූ විශේෂත්වය වූයේ ඩ්‍රෝනා කැමරා භාවිත කරමින් ඇමතිවරයාට පොත පිළිගැන්වීමට කටයුතු යොදා තිබීමයි.
මේ සඳහා ඩ්‍රෝනා කැමරා ත්‍රිත්වයක් යොදාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි. යහපාලන විප්ලවය, ජාතික ගිණුම් සංකල්පය, අය-ණය හා වැය, කළයුත්තේ කුමක්ද? යන පරිච්ඡේද හතර පමණක් නව කෘතියට ඇතුළත් කිරීමට රණවක මහතාගේ අවධානය යොමුව තිබේ.
එළිදැක්වීමේ උත්සවයේ මූල්‍ය දේශනය පවත්වන ලද්දේ වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල මහතා විසිනි.මෙම අවස්ථාවට ප්‍රා‘දේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පාර්ලිමේන්තුව ලබාදෙයි
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd