රටේ පාලකයන් මමත්වය ඉවත දමා පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැදීය
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්, සංගමන්කණ්ඩි ප්‍රදේශයේ ඉදිවූ ‘සංගමන්ග්‍රාමම්’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එසේම තම පියා 2000 වසරේදී සැමට සෙවණ ලබාදීමට සිහින දුටු බවත් තමන් එම සිහිනය 2025 වසරේදී යථාර්තයක් බවට පත්කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
“මගේ පියාගේ සිහිනය වී තිබුණේ වසර 2000 වන විට සැමට සෙවණ ලබා දීමයි. නමුත් ඊට පෙර 1993 වසරේදී කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ එතුමට ජීවිතයෙන් සමු ගන්නට සිදු වුණා. ඒ සමඟම 2000 දී සැමට සෙවණ ලබා දීමේ වැඩපිළිවෙළ අඩපණ වුණා. ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව මගේ පියාණන් දියත් කළ නිවාස වැඩසටහනට නොදැවෙනි වූ නිවාස සංවර්ධනයක් එතුමාගේ පුත්‍රයා ලෙස මා වසර 2025 වන විට ඉටු කරන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
2015 දී අප භාර ගත්තේ සෑම අතින්ම ජරා ජීර්ණ වූ දේශයක්. එදා පැවති දේශපාලන ක්‍රමය තුළ සෑම විටම කටයුතු කළේ රට දෙවැනි තැනට දමා මමත්වය ජයග්‍රහණය කරවන්නටයි. එකිනෙකාගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කිරීමටයි. අද එම දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කරන අවස්ථාවක්. අද මේ රටේ නව දේශපාලන විප්ලවයක් දියත් කරන සහ නව දේශපාලන පරිවර්තනයක් සිදු වන මොහොතක්. එනිසා රටේ පාලකයින්ගේ මමත්වය පැත්තකට දමා පොදු ජනතාව ගැන සීතීමට කාලය උදා වී තිබෙනවා.”