රටේ ආර්ථිකය බංකොලොත් බවත්, රට එක තැන නතරවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඊයේ (24දා)මාතර ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
" අද පෝස්ටර් ගහලා තියෙනවා මහින්ද එක්ක නැගිටිමු කියලා. එතුමා එක්ක ආයේ නැගිටින්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. එහෙනම්මේ නැගිටින්න ඕන කියන්නෙ එතුමා එක්ක වැටුන හොර රැළට.
මේ ළඟදිත් ඇමතිකම් කිපයක් දීලා තියෙනවාලු.අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මතක් කරන්න ඕන එතුමා දැනුත් ඇමතිකම් දෙනවනම් ඒ දෙන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවට පිටින් කියන කාරණය. එහෙනම් වර්තමාන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ජනාධිපතිවරයෙක් බවට පත්වේනවා. නව ව්‍යවස්ථාව හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඇමති මණ්ඩලය 30 යි.
නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු එක්ක ඔක්කොම 70 යි. දැන් මේ පාර්ලිමේන්තුවේ මුදල් පාස් කරන්නෙ නැහැ.ඇමතිවරු පාස් කරනවා. රටේ ජනතාවට මුකුත් තේරෙන්නෙ නැහැ. හැබැයි දිනපතා ඇමති මණ්ඩලය පැටවු ගහනවා.
අද රටේ ආර්ථිකය බංකොලොත් රටක මුදල කඩා වැටීම තමයි රටක් වැටීම ආරම්භය බවට පත්වන්නේ. රුපියල අද බාල්දුවෙලයි තියෙන්නේ. එතකොට කියන පණිවිඩය මොකක්ද රටේ සමස්ත ආර්ථිකය බංකොලොත් වෙනවා.බාල්දු වෙනවා. රට නතර වෙලා තියෙන්නේ. අද රැකියා නැහැ. මේආණ්ඩුවත් රාජපක්ෂ මහත්තයගේ කටවුට් සංදර්ශනය පටන් අරගෙන තියෙනවා. නිල් පාට කටවුට්වෙනුවට කොල පාට කටවුට් ලංකාව පුරාම එල්ලෙන්න පටන් අරන් තියෙනවා"