විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහනට සමගාමීව, විදුලි පාරිභෝගික ගැටලූ විසඳීම වෙනුවෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන විදුලි ජංගම සේවයේ ප්‍රථම වැඩසටහනහෙට18 පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදි පැවැත්වේන බව අමාත්‍යාංශය පවසයි.
විදුලි පාරිභෝගික ජනතාව දෛනිකව මුහුණදෙන විදුලිය සම්බන්ධ මෙතෙක් නොවිසඳුන ගැටළු වෙනුවෙන් සාර්ථක විසදුම් ලබාදීම සඳහා, සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් දීපව්‍යාප්තව මෙම විදුලි ජංගම සේවා පැවැත්වීමට විදුලිබල අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික ජනතාවගේ මෙතෙක් විසඳුම් නොලත් විදුලි ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාගැනීම සඳහා, මේ මස 18 දින පුත්තලම, ශාන්ත ආන්ඩෲ විද්‍යාලයට පැමිණෙන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ආරාධනය කර සිටී.
විදුලිබල හා පුනර්ජනීනය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහත්වරන් ඇතුළු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මෙම විදුලි ජංගම සේවය සඳහා සහභාගී වීමට නියමිතය.
එමෙන්ම අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 220 මුදලක් වැය කරමින් ඉදිකරනු ලැබු පුත්තලම ආනන්ද විද්‍යාලයීය ක්රිඩිපිටිය සහ ක්‍රීඩාගාරය එදින සවස විවෘත කිරීමට නියමිත බවද අමාත්‍යාංශය පැවසීය.