කච්චේරිවල තිබෙන අන්සතු ඉඩම් ඔප්පුවලට හා පත්ඉරුවලට ව්‍යාජ ඔප්පු හා පත්ඉරු ඇතුළත් කර ඉඩම් විකිණීමේ ජාවාරමක් රටපුරා ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළි වී තිබෙන බවත්, මේ නිසා තමන් සතු ඉඩමේ ඔප්පුව, පත්ඉරුව වහාම පරීක්ෂා කර බලන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ ආකාරයට පත්ඉරු සහ ඉඩම් ඔප්පු සකස්කර ඉඩම් විකිණීම සිදුකරනු ලබන්නේ ජනතාව පදිංචි නැති ඉඩම්වලට බවත්, මේ ආකාරයට ජාවාරම් ක්‍රියාවල නිරත වූ එක් පුද්ගලයෙකු සතුව තිබූ අන්සතු ඉඩම්වල ඔප්පු හා පත්ඉරු 110 ක් සොයාගැනීමට පොලීසියට හැකි වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.