පවතින ව්‍යවස්ථාව රට ජරාජීර්ණ තත්ත්වයට ඇද දමා තිබෙන බැවින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි.
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී බුද්ධාගමට මෙතෙක් හිමි වී තිබෙන තැන එලෙසම ලබාදිය යුතු බවත්,ඊට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වියයුතු බවත් එම පෙරමුණේ ලේකම්, ශාස්ත්‍රපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසා සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයෙකු බිහිකර තිබෙන අතර, ජරාජීර්ණ වූ දේශපාලනයක්ද ඇතිකර තිබෙන බවත්, ඒ හරහා වංචාව දූෂණය, දුරාචාරය ඉහවහාගොස් තිබෙන බවත් උන්වහන්සේ කියා සිටියහ.
මීට අමතරව බලය බෙදීමක් ගැන කතා කරමින් රට අවුලෙන් අවුලට පත්කර තිබෙන බවත්, සිදුවිය යුත්තේ බලය බෙදීම නොව සැමට එක හා සමානව සැලකීමේ ක්‍රමයක් ඇති කිරීම බවත් ඒ හිමියෝ අවධාරණය කළහ.