ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් මෙරටට පැමිණි විදේශීය ජාතිකයෝ තිදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (28දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මව (50), දියණිය (24), පෙම්වතා (27) ලෙස තමන් හදුන්වා දී ඇති මෙම විදේශීය ජාතිකයෝ තිදෙනා තමන් කුමන රටක පුරවැසියන්ද යන්න සගවා ඇති බව පොලීසිය කියයි. මොවුන් තිදෙනා පසුගිය 25 වෙනිදා මලයාසියාවේ සිට මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔවුහු ඊයේ ඔවුන් ලන්ඩන් බලා යාමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.