රටක් කරන්න නායකයෝ දෙන්නෙක්ට බෑ - ජනපති
තමන්ට කිසිකෙනෙක් කැපීමට අවශ්‍ය නොවන බවත්, සමගියෙන් වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදීමට තමන්ට අවශ්‍ය බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. එසේම රටක් පාලනය කිරිමට නායකයෝ දෙන්නෙක්ට බැරි බවත්, එක් නායකයෙක් සමග වැඩකළ යුතු බවත් ජනපතිවරයා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
"රටේ පොදු ජනතාව මට රට බාර දීලා තිබෙන අවස්ථාවක, තමුන්නාන්සේලා (ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්) ප්රමුඛ නායකයෝ නිදහස් පක්ෂය බාර දීලා තිබෙන අවස්ථාවක අලුත් පරිවර්තනයන් හා වෙනස් කිරීම් තමන්නාන්සේලාගේ අදහස් මත කළ යුතු වෙනවා. ඒ පරිවර්තනයට ඉඩ දෙනවද නැත්නම් අපි ආපසු යනවද? අපි බෙදෙනවද? අපි වෙන්වෙනවද? අපි කැඩෙනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ තිබෙනවා පක්ෂය කැඩිච්ච තැන්වල වෙච්ච දේවල්. මේ පක්ෂය දෙකඩ කරන්න කවුරුන් හෝ කටයුතු කෙරුවොත් ඒක තමුන්නාන්සේලාට, රටට පැහැදිලි වෙයි. කවුද එසේ කරන්නේ කියලා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය කඩාගෙන වෙනම තරග කරමු වෙනම පෙරමුණු හදාගමු කියලා කතා කරන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්නේ ද්‍රෝහි කමක්.
මට කිසිකෙනෙක් කපන්න වුවමනාවක් නෑ. මං කෙරෙහි විශ්වාසය තියලා පක්ෂය මට බාරදුන්නා නම් මාත් එක්ක සියලු දෙනා එකට එකතු වෙලා සමගියෙන් වැඩ කරලා මැතිවරණ ව්‍යාපාර කරළා ආණ්ඩුවක් හදන්නයි අවශ්‍ය. රටක් කරන්න නායකයෝ දෙන්නෙක් බෑ. එක නායකයෙක් එක්ක වැඩ කරන්න ඕන." යැයි පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

