ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට ලංකාව පුරා බෙදාහැරීමට ගෙනා රටඉඳි හා වටානා තොගයක් එප්පාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කරවන පුද්ගලයෙකු හෝ ආනයනය කරවන ආයතනයක් පිළිබඳව හෝ බෙදාහරින ආයතනයක් හෝ බෙදාහරින පුද්ගලයෙකු පිළිබඳව කිසිදු ලේබලයක් සඳහන් නොකර මෙම ආහාර ද්‍රව්‍ය කොළඹ සිට ගෙනැවිත් එප්පාවල නගරයේ බෙදාහරිමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 කට ආසන්නය.