තමන්ට සිංගප්පූරුවට පැමිණෙන ලෙස එරටින් ආරාධනා ලැබුණත් රටට තමන් අවශ්‍ය මොහොතක රට හැර නොයන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆේස් බුක් ගිණුමට ඊයේ (02දා) ප්‍රකාශයක් කරමින් හිටපු ලේකම්වරයා සඳහන් කරන්නේ රට වෙනුවෙන් රැඳී සිටීමට දෙන ධෛර්යයටත්, තමන් කෙරෙහි තබන ලද විශ්වාශයත් ඉහළින් අගයකරන බවයි.
"සිංගප්පූරුවෙන් ලැබුණු ආරාධනය පිළිබඳ මාධ්‍ය වාර්තාවන් දැක, ඔබ මා වෙත එවන ලද බොහෝ පණිවිඩ තුල මා රට හැර යාම ගැන ඔබගේ අකමැත්ත හා නොසතුට දැක්මෙන් හා ඔබ කල දිරිගැන්වීම් ගැන මා ස්තුතිවන්ත වෙමි. ඔබට හා රටට මා අවැසි මොහොතක, කිසිසේත් මාගේ මාතෘභූමිය අතහැර නොයන බවට මා සහතිකවන්නෙමි. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටේ රැඳී සිටීමට මා හට දෙන ධෛර්ය හා මා කෙරෙහි තබන විශ්වාසය ඉහලින් අගය කරමි" යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පවසයි.