රුපියල් දෙකෝටි අසු ලක්ෂක්ෂ පනස්හත් දාහක් පමණ වන විදේශ මුදල් තොගයක් නීතිවිරෝධි අයුරින් අද අළුයම මෙරටින් රැගෙනයාමට උත්සහ කළ කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සදහන් කළේය.
අදාළ කාන්තාව ටි.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් නුවර බලා යාමට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපල පිටවිමේ පර්යන්තයේ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාවගේ ගමන් මළු තුළ තිබී ස්ටර්ලින් පවුම්, අමෙරිකන් ඩොලර්, ස්විස් ෆ්රෑන්ක්, යුරෝ සහ සෞදි රියාල් ඇතුලු විදේශ මුදල් තොගයක් තිබූ බවත් අත්අඩංගුවටගත් කාන්තාව 50 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් සිදු කරන බවත් ලෙස්ලි මහතා වැඩිදුරටත් කීය.