රුපියල් 2,652,000 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් හා ජපන් යෙන් තොගයක් නිතිවිරෝධී ලෙස චීනයට රැගෙන යෑමට උත්සාහ කළ කොළඹ පදිංචිකරුවෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10දා) පස්වරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුට තරයේ අවවාද කළ රේගුව විදේශ මුදල් තොගය රාජ සන්තක කළේය.