රැකියා සඳහා විදේශ ගතවන සියලුම කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තාව එළැඹෙන අගෝස්තු පළමු වැනිදා සිට අනිවාර්යය කර තිබේ. ඒ අනුව අගෝස්තු පළමු වැනිදා සිට රැකියා සඳහා කාන්තාවන් කාර්යාංශ ලියාපදංචියේදී තම පවුල් පසුබිම් වාර්තාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය. මීට පෙර පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කර තිබුණේ, ගෘහස්ථ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ට පමණි. මෙම නීතිය 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරිණි.
වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගතවීම වැළැක්වීම සඳහා මෙය ක්‍රියාවට නැංවූ අතර, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වී තිබේ. එසේම මෙම නීතිය යටතේ අවුරුදු 5 ට වඩා වැඩි දරුවන් සිටින කාන්තාවන් විදේශ ගතවන්නේ නම්, එම කාන්තාවන් තම දරුවාගේ රැකවරණය ගැන සහතික විය යුතුය. රැකියා සඳහා විදේශගතවන කාන්තාවන් සියලු දෙනාට පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ගෘහස්ථ නොවන රැකියා සඳහා යන කාන්තාවන්ද අවුරුදු 5 ට අඩු දරුවන් සිටියදී රැකියා සඳහා විදේශ ගතවීම බවත්, මේ පිළිබඳව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට ලද පැමිණිලි පිළිබඳව සලකා බලා අමාත්‍යවරිය මෙම නීතිය ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.