පන්ති තහනම් කිරීම් 28 ක් ඇතුළුව ඉල්ලීම් 9 ක් මුල්කරගනිමින් දින 238 ක් තිස්සේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අඛණ්ඩව සිදුකළ සත්‍යග්‍රහය හෙට (04 දා) දිනෙන් අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසීය.
කිසිදු කොන්දේසියකින් තොරව එම පන්ති තහනම ඉවත් කර මාසයකට අධික කාලයක් වසා දමා තිබුණු විශ්වවිද්‍යාලය හෙට දින ආරම්භ කරන බවට පාලනාධිකාරිය දැනුම්දීමෙන් පසු සිසුන් මෙම තීරණයට එළඹ තිබේ.