ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට එරෙහිව මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයට ඊයේ (03) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් හෙට (05දා) විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත “මැයි 1 ඇයි?” සම්මන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය අප්‍රේල් මස 30දා උපකුලපති කාර්යාලයට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් මූලික කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.