ඉදිරි අට වසර සඳහා වන රජයේ සැලසුම් ලබන සැප්තැම්බර් 4 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ජනතාවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (24දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මේ වනවිට රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ක් වන බවත්, වසර අවසන් වනවිට එය ඩොලර් බිලියන 7.5 සිට 8 දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරන බවත් එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
හම්බන්තොට වරාය චීන සමාගම බදු දීමෙන් තවත් ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ලැබීමට නියමිත බවද ඒ මහතා පවසා සිටියේය.