රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන සතු ලියාපදිංචි වාහන සංඛ්‍යාව 59,160 ක් බවත්, නිල හිමිකමකින් තොරව තවදුරටත් පරිහරණය කරනු ලබන, බාර දී නොමැති රජයේ වාහන නොපමාව ආපසු ලබාගැනීමට පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒ අනුව රජය සතු වාහන නොපමාව ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.