ඉදිරි වසර පහක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් යෙන් මිලියන 33,137ක (රු.මිලියන 46,622ක) ණය මුදලක් ලබාදීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය පියවර ගෙන තිබේ.
එහිදී, යෙන් මිලියන 10,000ක් ලබාදෙනු ලබන්නේ සංවර්ධන ප්‍රතිපත්තිමය ණය ලෙස බවත්, මීට අමතරව අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ද යෙන් මිලියන 23,137 ක ණය මුදලක් ලබාදෙන බවත් මුදල් අමාත්‍යාංශය කියයි.