ප්‍රාදේශීය මාධ්‍යවේදී යන නාමය ඉවත් කර සියලු දෙනා මාධ්‍යවේදී නාමය ලබාදිය යුතු යැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ආචාර් රංග කලන්සූරිය මහතා පැවසීය.
පුවත්පතට අවශ්‍ය පුවත් තුළින් සියයට හැටක් ලබාදෙන්නේ කොළඹින් බැහැර මාධ්‍යවේදීන් බැවින් ඔවුන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනුවෙන් හැදින්වීම නොසුදුසුයැයි හෙතෙම පැවසූයේ අද (29දා) කොළඹදී පැවති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ තොරතුරු දැනගැනීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්රනයේදී අදහස් දක්වමින්ය.
කොළඹ මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලෝම මාධ්‍යවේදීන් යනුවෙන් හැදින්විය යුතු බවත් මේසියල්ලන්ටම මාධ්‍ය පුහුණුව ලබාදිය යුතු බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනුවෙන් හදුන්වන කොළඹින් බැහැර වාර්තා කටයුතු සිදුකරන මාධ්‍යවේදීන්හට විශේෂනේම සඳාචාරාත්මක පුහුණුව ලබාදීමද කළ යුතු බවද කලංසුරිය මහතා පැවසීය.
මාධ්‍ය කර්මාන්තයේ තිබෙන ගැටළු විසදන්නේ නැතිව හොද මාධ්‍යවේදීන් බිහිකිරීම ගැටලු සහගත බවත් ජනමාධ්‍යවේදියාගේ කාර්යයභාර වන්නේ හෙට පුවත්පතට හෝ අද රාත්‍රී ප්රවෘත්ති විකාශයට ප්රවෘත්ති සැකසීම නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
මාධ්‍යවේදීන් මේ මොහොතේ මාධ්‍යවේදයේ නිරතවන්නෙකු විය යුතුයි.ඒ නිසා ඔහු දැඩි හික්මීමක් ඇති අයෙකු විය යිතුයි. ඒ වගේම මාධ්‍ය ආයතනද දැඩි හික්මීමකින් සහිතව කටයුතු කළ යුතුයි.ජපහුගිය දිනවල සිදුවුණු යම් යම් සිද්ධීන් ගැන අවධානයට ලක් කළාම ඒ බව අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අද වන විට මාධ්‍ය කර්මාන්තය විශාල වශයෙන් පැතිරිලා තියනවා. අද වනවිට බොහෝ මාධ්‍ය ආයතන හිමිකරුවන් මේ කර්මාන්තයේ රැදී ඉන්නේ වෙනත් අරමුනු වෙනුවෙන් පමණයි.ඒ නිසා මාධ්‍යවේදීන්ටත් ඒ අරමුණු එක්ක කටයුතු කරන්න වෙනවා.ඒකට එකම හේතුව වෙන්නේ මාධ්‍ය හිමිකාරීත්වයේ තියෙන අධිකාරීත්වයයි.
ඒ නිසා මේ පිළිබඳ නියාමනයක් ඇතිකළ යුතුයි.ඒ සදහා එකතාවක් ඇතිකරගත යුතුයි.නමුත් එවැනි එකගතාවයක් පේන්නවත් නැහැ. මේ කාර්යයේදී ආණ්ඩුව කටයුතු කළයුත්තේ පහසුකම් සපයන්නෙකු ලෙස මිසක් අධිකාරියක් ලෙස නොවෙයි.එසේම ආණ්ඩුව පාර්ශවකරුවෙක් විතරයි.
මාධ්‍ය හිමිකාරීත්වය නිසා ඇතිවෙලා තියන තත්ත්වය නිසා මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන තුළ කරන්න බැරි දේ අද වෙනකොට සමාජමාධ්‍ය තුළ සිදුකරනවා.