පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වෝක්ෂෝල් වීදියේ රජයේ ගබඩාවක සිදුකළ වැටලීමකදී පැරණි දින මුද්‍රිත ලේබල් ගලවා දමා ඉදිරියේදී කල්ඉකුත් වීමේ දින ඇති ලේබල් අලවා වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සමත් වූහ.
එම ලේබලයේ SLS ප්‍රමිත ලාංඡනය සටහන් කර තිබුණද එම SLS සහතිකයද කල්ඉකුත් වී තිබුණි.
මෙවර වතුර බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වෙතැයි ගණන් බලා ඇත.
මෙහිදී ගලවා ඉවත් කළ පැරණි ලේබල් 22000 ක් සහ ඇලවීමට සූදානම් කර තිබූ ලේබල් 22000 ක්ද සොයාගැණිනි.