ඉදිරි වසර 8ක කාලයක් සඳහා සම්මුතිවාදී රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හෙට (04දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී එළිදැක්විමට නියමිතය.
ජානාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය එළි දක්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
රටේ ආර්ථික සංවර්ධනය සෙමින් ඉදරියට යෑම වෙනුවට වෙළඳපොළ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා වන ප්රතිසංවිධාන රාශියක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළිදක්වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දයාසීලි ලියනගේ