රජයේ ඇස්තමේන්තු ආදායමින් 90%කටත් වඩා වැයවන්නේ වාර්ෂික ණය වාරික හා පොලී ගෙවීමට බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
2011 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 974 ක් වුවත්, රුපියල් බිලියන 895 ක් ණය වාරික හා පොලී ගෙවීමට වැය වී ඇති බව ඔහු පැවසීය. එසේම 2012 වසරේ ඇස්තමේන්තුගත ආදායම් රුපියල් බිලියන 1094 ක් බවත්, ඉන් 92.5෴ක්ම ණය වාරික ගෙවීමට වැය වී ඇති බවත් ඔහු පැවසීය.
2015 වසරේදී රජයේ නව රජයේ අතුරු අයවැය අනුව ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1498 ක් බවත්, ඉන් බිලියන 1480ක්ම රජයේ ණය වාරික ගෙවීමට වැය වන බවත් ඔහු පැවසීය.
මෙහිදී අතුරු ප්‍රශ්නයක් නැගූ දිසානායක මහතා විමසා සිටියේ මෙය මෙරට ආර්ථිකයේ බරපතළ තත්ත්වයක් නොවන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ එය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.