සබරගමු සරසවි සිසුන්ගේ ඉල්ලීම්වලින් බොහෝමයක් ලබාදී ඇති බවත්, රජය විශ්වවිද්‍යාල සිසුන් මර්දනය නොකරන බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද (21දා) මාතලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් ඔය අධිකරණ නියෝගය අනුව ඔය අට්ටාල පමණක් නොව ශිෂ්‍යයන් පවා ඉවත් කරනවා. නමුත් වත්මන් රජය එවැනි මර්දනයක් සිදුකරන්නේ නැහැ. මේ ශිෂ්‍ය උද්ඝෝෂණ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට කොහෙත්ම බලපාන්නෙ නැහැ. නමුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තවාදී පිරිසක් මේ ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට මාන බලනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග ඕනෑම වේලාවක සාකච්ඡා කර විසඳුම් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සූදානමින් සිටිනවා. එම සිසුන් ඉල්ලන ඉල්ලීම්වලට බොහොමයක් දැනටමත් විසඳුම් ලබාදී අවසන්." යැයි හෙතෙම සඳහන් කළේය.
මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න